26 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉන්දියාවෙන් ලැබෙන ඩොලර්වලින් ආහාර, ඖෂධ මිලට ගනියි

ඉන්දියාවෙන් ලැබෙන ඩොලර්වලින් ආහාර, ඖෂධ මිලට ගනියි

ඉන්දියාවෙන් ලැබීමට නියමිත ඇමරිකානු ඩොලර් කෝටි 100ක ණය මුදලෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, අත්‍යවශ්‍ය ඖෂධ සහ දේශීය නිෂ්පාදන සඳහා යොදා ගනු ලබන අමුද්‍රව්‍ය වර්ග ආනයනය කිරීම සඳහා යොදා ගැනීමට රජය තීරණය කර තිබේ.

මුදල් ඇමැති බැසිල් රාජපක්ෂගේ ඉන්දීය සංචාරයේදී ඉන්දීය රාජ්‍ය බැංකුවෙන් ලැබෙන මෙම ණය මුදලට අදාළ ගිවිසුම අත්සන් කිරීමට නියමිතය. මෙම ණය පහසුකම යටතේ ආනයනය කළමනාකරණය කිරීම සඳහා මහා භාණ්ඩාගාරයේ ඉන්දියානු ණය පහසුකම් සම්බන්ධීකරණ ඒකකයක්ද පිහිටුවීමට යෝජනා වී ඇත.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (15) දිවයිනෙන් පිටත්ව ගියේය.