ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය විසින් ඊයේ (15) ආරම්භ කරනු ලැබූ වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබේ.
ඔවුන් අද (16) පෙරවරුවේ බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ සමඟ සිදුකළ සාකච්ජාවෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
අවම වශයෙන් ප්‍රවාහන ගාස්තු සියයට 60කින් වැඩි කරන ලෙස ඉල්ලමින් ඔවුන් ඛනිජ තෙල් ප්‍රවාහන කටයුතුවලින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සේවයෙන් ඉවත් විය.