― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනිදහස් සන්ධාන රැස්වීමට අපි එන්නේ නැහැ

නිදහස් සන්ධාන රැස්වීමට අපි එන්නේ නැහැ

අද (25) කැඳවා ඇති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රැස්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති නිමල් සිරිපාල ද සිල්වාගේ පාර්ශ්වය සහභාගී නොවන බව වාර්තා වනවා.

ඒ අනුව වැඩ බලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර, භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න, උපලේකම් ජගත් පුෂ්පකුමාර, උප සභාපති සුරේන් රාගවන ඇතුළු පිරිසක් අද (25) පැවැත්වෙන මෙම රැස්වීම සඳහා එක්නොවන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරය පිළිබඳව මැතිවරණ කොමිසමෙන් තිලංග සුමතිපාල හා මහින්ද අමරවීර යන දෙදෙනාම පිළි නොගන්නා බවට දන්වා තිබෙන අවස්ථාවක මෙම රැස්වීම සඳහා එක නොවීමට තීරණය කර ඇති බවයි එම පාර්ශ්වය පැවසුවේ.