― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsගුවන්තොටේදී හමුදා සෙබළාගේ ගිනිඅවිය ඉබේ පත්තු වෙයි

ගුවන්තොටේදී හමුදා සෙබළාගේ ගිනිඅවිය ඉබේ පත්තු වෙයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ රාජකාරියේ නිරත වී සිටි ගුවන් හමුදා භටයෙකුගේ ගිනි අවිය හදිසියේම පත්තු වී තිබෙනවා.

ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ අද (30) උදෑසන විශේෂ අමුත්තන්ගේ ප්‍රභූ පර්යන්තය තුළදී රාජකාරියේ නිරත වී සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා භටයෙකුගේ ගිනි අවිය මෙලෙස හදිසියේම පත්තු වී ඇති බවයි.

මේ හේතුවෙන් එම පර්යන්තයේ වහළයට හානි සිදුව තිබෙනවා.

අද උදෑසන 10.25 ට පමණ ශ්‍රී ලංකා ගුවන් හමුවේ නායක ගුවන් භටයා සතුව තිබූ ටී.- 56 වර්ගයේ ගිනි අවිය මෙලෙස වැරදීමකින් පත්තු වී තිබූ අතර ඉන් කිසිදු ජීවිත හානියක් සිදුව නැහැ.

මේ වනවිට ගුවන් භටයා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.