23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගුවන්තොටේදී හමුදා සෙබළාගේ ගිනිඅවිය ඉබේ පත්තු වෙයි

ගුවන්තොටේදී හමුදා සෙබළාගේ ගිනිඅවිය ඉබේ පත්තු වෙයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුළ රාජකාරියේ නිරත වී සිටි ගුවන් හමුදා භටයෙකුගේ ගිනි අවිය හදිසියේම පත්තු වී තිබෙනවා.

ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ අද (30) උදෑසන විශේෂ අමුත්තන්ගේ ප්‍රභූ පර්යන්තය තුළදී රාජකාරියේ නිරත වී සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා භටයෙකුගේ ගිනි අවිය මෙලෙස හදිසියේම පත්තු වී ඇති බවයි.

මේ හේතුවෙන් එම පර්යන්තයේ වහළයට හානි සිදුව තිබෙනවා.

අද උදෑසන 10.25 ට පමණ ශ්‍රී ලංකා ගුවන් හමුවේ නායක ගුවන් භටයා සතුව තිබූ ටී.- 56 වර්ගයේ ගිනි අවිය මෙලෙස වැරදීමකින් පත්තු වී තිබූ අතර ඉන් කිසිදු ජීවිත හානියක් සිදුව නැහැ.

මේ වනවිට ගුවන් භටයා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර කටුනායක ගුවන්තොටුපොළ පොලිසිය හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.