― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsඇමෙරිකානු ලොක්කෙක් දකුණු ආසියාවේ සංචාරයක

ඇමෙරිකානු ලොක්කෙක් දකුණු ආසියාවේ සංචාරයක

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ අද (10) ඉන්දියාවේ සංචාරයක නිරත වනවා.

ඔහු අද සිට ලබන 15 වැනිදා දක්වා දකුණු ආසියානු කලාපයේ රැඳී සිටින අතර ඉන් අනතුරුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ ද සංචාරය කිරීමට නියමිත බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

එක් එක් රටවල් සමඟ ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම ඔහුගේ මෙම සංචාරයේ අරමුණයි.

ඔහුගේ ශ්‍රී ලංකා සංචාරයේදී රටේ ආර්ථික සංවර්ධනය සඳහා අමෙරිකාවේ සහාය යළි තහවුරු කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.