26.7 C
Colombo
Wednesday, December 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsෂාෆ්ටර්ගේ ඝාතනය ගැන පුළුල් විමර්ශන

ෂාෆ්ටර්ගේ ඝාතනය ගැන පුළුල් විමර්ශන

කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (14) අධිකරණය හමුවේ කියා සිටියේ මෙම ඝාතනයට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බවයි.

එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත්තේ ෂාෆ්ටර්ගේ ජංගම දුරකථනය සම්බන්ධයෙන් අධිකරණයේ නියෝගයෙන් කැඳවූ රස පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවයි.

ඒ අනුව දුරකථනය සම්බන්ධයෙන් අධිකරණයේ නියෝගයෙන් කැඳවූ රස පරීක්ෂණ වාර්තාව සම්බන්ධව නැවත සිහි කැඳවීමක් රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.