― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඉරාන ජනපති ගමන්ගත් හෙලිකොප්ටරය හමුවෙයි

ඉරාන ජනපති ගමන්ගත් හෙලිකොප්ටරය හමුවෙයි

ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටරය කඩා වැටුණු ස්ථානය සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉරානයේ රෙඩ් ක්‍රෙසන්ට් සමාජයේ ප්‍රධානියා රාජ්‍ය රූපවාහිනියට පවසා ඇත්තේ තත්ත්වය එතරම් ‘හොඳ’ නොවන බවයි.

ඉරාන ජනාධිපති රයිසි ඇතුළු එරට ඉහළ නිලධාරීන් පිරිසක් ඊයේ (19) ඉරාන – අසර්බයිජාන දේශසීමාවේ වේල්ලක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්ව තිබුණා.

එම උත්සවයෙන් පසු ඉරාන ජනාධිපතිවරයා ඇතුළු පිරිස රැගත් හෙළිකොප්ටර් යානය යළි පැමිණෙමින් තිබියදී අධික වැසි සහ සුළං තත්ත්වය හමුවේ නැගෙනහිර අසර්බයිජාන් පළාතේ වර්සාකාන් සහ ජොල්ෆා නගර අතර ඩිස්මාර් නම් කඳුකර වනාන්තර කලාපයට හදිසි ගොඩබෑමක් සිදුකර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන ජනාධිපතිවරයා ගමන් ගත් හෙලිකොප්ටරය සම්පූර්ණයෙන්ම දැවී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.