― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඉරාන ජනපතිගේ අවමංගල්‍ය උත්සවය අදින් ඇරඹේ

ඉරාන ජනපතිගේ අවමංගල්‍ය උත්සවය අදින් ඇරඹේ

ඉරාන ජනාධිපතිවරයාගේ අවමංගල්‍ය උත්සව මාලාව අද (21) ටැබ්‍රිස් හිදී ආරම්භ වීමට නියමිතයි.

අවමංගල්‍ය කමිටුවේ ප්‍රධානි මෝසෙන් මන්සුරි සඳහන් කළේ ලබන බ්‍රහස්පතින්දා ඊබ්‍රහිම් රයිසිගේ දේහය ඔහුගේ උපන් ගම වන මෂාඩ් හිදී මිහිදන් කිරීමට නියමිත බවයි.

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ විදේශ අමාත්‍යවරයා ඇතුළු 9 දෙනෙක් අසර්බයිජාන දේශසීමාවේ සිට යළි පැමිණි හෙලිකොප්ටර් යානය අනතුරට ලක් වුණේ ඉරිදා පස්වරුවේයි.

අධික මීදුම් සහිත කාලගුණය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති අතර ඉන් ඉරාන ජනාධිපතිවරයා ඇතුළු යානයේ සිටි සියලු දෙනා ජීවිතක්ෂයට පත් වුණා.

අවමංගල්‍ය කටයුතු සංවිධානය කිරීමේ කමිටුවේ ප්‍රධානියා වන මෝසෙන් මන්සූරි සඳහන් කලේ අභාවප්‍රාප්ත ජනාධිපතිවරයාගේ දේහය අවමංගල්‍ය කටයුතු සිදු කිරීම සඳහා අද උදෑසන ට්‍රැබිස් චතුරස්‍රයේ සිට යාඥා ශාලාව වෙත පෙරහැරින් රැගෙන එන බවයි.

එහි පැවැත්වෙන යාඥා මෙහෙයන්ගෙන් අනතුරුව දේහය අද පස්වරුවේ ෂියා මුස්ලිම්වරුන්ගේ ශූද්ධ වූ නගරය ලෙස සැලකෙන කොම් වෙත රැගෙන එනු ඇති.

දේහයන් ටෙහෙරානය වෙත රැගෙන එන්නේ ඉන්අනතුරුව බව මන්සූරි පැවසුවා. ටෙහෙරානයේදී බදාදා උදෑසන සුවිශාල අවමංගල්‍ය උත්සවයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එම කටයුතුවලින් අනතුරුව ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ දේහය ඔහු ඉරානයේ උත්තරීතර නායක අයිතුල්ලා අල් කමේනිගේ නියෝජිතයා ලෙස කටයුතු කළ බීර්ජාන්ඩ් වෙත රැගෙන එනවා.

බ්‍රහස්පතින්දා පස්වරුවේ දේහය ඊබ්‍රහිම් රයිසිගේ උපන්ගම වන මෂාඩ් වෙත රැගෙන එන අතර ඉරානයේ උත්තරීතර නායක අයිතුල්ලා අල් කමේනි විසින් එහිදී අවමංගල්‍ය මෙහෙය පැවැත්වීමට නියමිතයි.

එදින රාත්‍රියේ රයිසිගේ සිරුර මෂාඩ් හිදී මිහිදන් කෙරෙනවා.
මියගිය ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ එරට විදේශ අමාත්‍ය හුසේන් අමීර් අබ්දුල්ලාහියන් ඇතුළු පිරිස වෙනුවෙන් රටවල් රැසක් ශෝකය පළ කර තිබෙනවා.