ඉන්ධන හිඟය, ගෑස් අර්බුදය, ඖෂධ හිඟය ඇතුළු ගැටලු කිහිපයක් හේතුවෙන් රජයේ රෝහල්වල දෛනික කටයුතු සඳහා දැඩි බලපෑම් එල්ල වී තිබේ.
මෙම අර්බුදය තවදුරටත් පැවතියහොත් බොහෝවිට ඉදිරි සතිය ඇතුළත රෝහල් වසාදැමීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන අවධාරණය කළේය.
ඉන්ධන හිඟය හේතුවෙන් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සේවයට වාර්තා කිරීමට නොහැකි වී ඇති අතර සේවයට වාර්තා කරන පුද්ගලයන්ගේ දෛනික සේවාද අඩපණ වී තිබේ.
සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන බරපතලම ගැටලුව වී තිබෙන්නේ ඖෂධ හිඟය වන අතර ඇතැම් රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ පවා හිඟ වීමේ තත්ත්වයක් උද්ගත වී ඇථ.
මෙම අර්බුද තවදුරටත් වර්ධනය වුවහොත් තවත් සතියක් ඇතුළත බොහෝ රෝහල් වසා දැමීමට සිදුව ඇති බවට බෙල්ලන අනතුරු අඟවයි.