― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsචීනයෙන් ඇමරිකාවට යෝධ පැන්ඩා යුවලක්

චීනයෙන් ඇමරිකාවට යෝධ පැන්ඩා යුවලක්

චීනයේ යෝධ පැන්ඩා යුවලක් ළඟදීම වොෂින්ටන් හි ස්මිත්සෝනියන් ජාතික සත්වෝද්‍යානයට පැමිණීමට නියමිත බව එම සත්වෝද්‍යානය නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව අවුරුදු දෙකක පිරිමි පැන්ඩාවකු වන බාඕ ලී (Bao Li) සහ අවුරුදු දෙකක ගැහැණු පැන්ඩාවකු වන කුයින්ග් බාඕ (Qing Bao) මේ වසර අගදී එක්සත් ජනපද අගනුවරට පැමිණීමට නියමිතයි.

මෙම පැන්ඩාවන්ගේ පැමිණීම, ජනාධිපති ආර්යා ජිල් බයිඩ්න් ඉදිරිපත් කරන වීඩියෝවක් සමඟ ප්‍රකාශයට පත් කර ඇති අතර ඇය එය හඳුන්වා ඇත්තේ ඓතිහාසික මොහොතක් ලෙසින්.

මෙම පියවර එක්සත් ජනපදය සමඟ චීනයේ පැන්ඩා සත්වයින් පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික දිගු ඉතිහාසයේ නවතම පරිච්ඡේදය සනිටුහන් කරනවා.
නමුත් දෙරට අතර සබඳතා නොසන්සුන්වී ඇති අවස්ථාවක මෙලෙස පැන්ඩා පැටවුන් ලබා දීමත් විශේෂත්වයක්.

කෙසේ වෙතත්, මීට මාස හයකට පෙර අමෙරිකාවට ලබාදුන් පැන්ඩාවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක් ජාතික සත්වෝද්‍යානයේ සිට චීනයට ආපසු ගෙන යනු ලැබුවා.