27.8 C
Colombo
Saturday, August 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහොරෙන් ගෙන්වූ දුම්වැටි තොගයක් සමඟ අයෙක් දැලේ

හොරෙන් ගෙන්වූ දුම්වැටි තොගයක් සමඟ අයෙක් දැලේ

තීරුබදු රහිතව මෙරටට ආනයනය කරන ලද විදෙස් රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනාකමකින් යුත් මැන්චෙස්ටර් වර්ගයේ දුම්වැටි තොගයක් සොයාගෙන තිබෙනවා.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තියේ මෙහෙයුමට සමගාමීව ඊයේ (04) වැල්ලම්පිටිය පොලිස් වසමේ කොලොන්නාව ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර ඇත.

එහි දී තීරුබදු රහිතව හා රූපමය අවවාද නොමැතිව නීතිවිරෝධිව මෙරටට ගෙන්වන ලද ලක්ෂ පහකට ආසන්න වටිනාකමකින් දුම්වැටි 6,000 ක් ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 46 ක් වන කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.