― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsලෝක ටෙනිස් ශූර Coco Gauff ට ඉතිහාසගත ජයක්

ලෝක ටෙනිස් ශූර Coco Gauff ට ඉතිහාසගත ජයක්

ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා යුගල තරගයේ ජය ලෝක ටෙනිස් ශූරියක් වන කොකෝ ගෝෆ් (Coco Gauff) හට හිමිව තිබෙනවා.

ඇය මෙම ජයග්‍රහණය හිමි කරගෙන ඇත්තේ කැතරිනා සිනියාකෝවා (Katerina Siniakova) සමග එක්වයි.

ඊයේ ප්‍රංශයේ Roland Garros හි දී පැවති මෙම තරගයෙන් ගෝෆ් සහ සිනිකෝවා සිය ජයග්‍රහණය වාර්තා කළේ ඉතාලි ක්‍රීඩිකාවන් දෙපළක් වන සාරා එරානි (Sara Errani) සහ ජෙස්මින් (Jasmine Paolini)ට එරෙහිව යි.

ලකුණු 6-3ක්, 7-6ක් සහ 6-3ක් ලෙස ලබා ගනිමින් පැය දෙකකට අඩු කාලයකින් මෙම ඉතාලි ටෙනිස් ක්‍රීඩිකාවන් හට ගෝෆ් සහ සිනිකෝවා හමුවේ දී පරාජය වැළඳගන්නට සිදු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම ජයග්‍රහණයත් සමග ගෝෆ් විසින් ග්‍රෑන්ඩ් ස්ලෑම් තරගයක දී ඇය දිනූ පළමු කාන්තා යුගල කුසලානයටද හිමිකම් කියනු ලබනවා.