― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකිවියන් පරදා කොදෙව්වන්ට විශිෂ්ඨ ජයක්

කිවියන් පරදා කොදෙව්වන්ට විශිෂ්ඨ ජයක්

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තමන් මුහුණ දුන් තෙවැනි තරගය ද ජය ගන්නට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ඒ නවසීලන්තයට එරෙහිව පැවති තරගය ලකුණු 13කින් ජය ගනිමින්.

තරගය අද Tarouba ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර කාසියේ වාසියේ දිනාගත්තේ නවසීලන්ත කණ්ඩායම විසින්.

Kane Williamson ගේ තීරණය අනුව පළමුව පන්දුවට පහර දීමට පිටියට පැමිණියේ ප්‍රතිවාදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි. ලකුණු 75ක් වනවිටත් මුල් කඩුලු 06ක් ම බිඳ වැටී තිබූ කොදෙව්වන්ගේ ඉනිම යම්තාක් දුරකට හෝ ලකුණු 150කට ආසන්න ඉසව්වකට රැගෙන යන්නට Sherfane Rutherford ගේ පිත්තට හැකි වුණා.

Rutherford ජාත්‍යන්තර පන්දුවාර 20 පිටියේ මංගල අර්ධ ශතකය අද වාර්තා කරමින් පන්දු 39ක දී හයේ පහර 06ක් සහ හතරේ පහර දෙකක් ද සමඟින් නොදැවී ලකුණු 68ක් ලබා ගත්තා.

Trent Boult කඩුලු 03ක් ද, කඩුලු 02ක බැගින් ටිම් සවුති සහ ලොකී ෆර්ගස්න් විසින් දවා ගනු ලැබුවා. එක් කඩුල්ල බැගින් හිමිවූයේ James Neesham ට සහ Mitchell Santner හටයි.