― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකිරි තේ එකක් රුපියල් 100ක් වන ලකුණු

කිරි තේ එකක් රුපියල් 100ක් වන ලකුණු

කිරි තේ එකක මිල රුපියල් 100 ක් දක්වා ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති, අසේල සම්පත් මහතා සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ ආපන ශාලාවල කිරි තේ ලබා දීම අත්හිටුවීමට ද සිදුවන බවයි.

මේ අතර දේශිය කිරිපිටි මිල වැඩි කිරීමට මෙතෙක් කිසිදු අනුමැතියක් දී නැතැයි පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා සඳහන් කළේ ය.

අමාත්‍යවරයා පැවසුවේ දේශීය කිරිපිටි නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ අංශවලට උපදෙස් දී ඇති බවයි.

මේ අතර නිව්ස්ෆස්ට් කළ විමසීමකදී පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ, ආනයනික කිරිපිටි මිල ආසාධාරණ ලෙස ඉහළ දමා ඇත්නම්, පාරිභෝගික ජනතාවට සාධාරණයක් ඉටු කිරීමට අමාත්‍යාංශය මැදිහත් වන බව ය.

ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 250 කින් ඉහළ දැමිමට කිරිපිටි ආනයනයකරුවන්ගේ සංගමය ඊයේ (19) පියවර ගත්තේ ය.

ඒ අනුව, ග්‍රැම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 790 කි.