― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsනරක් වූ බිළිඳු මළ සිරුරක් හමුවෙයි

නරක් වූ බිළිඳු මළ සිරුරක් හමුවෙයි

නුවරඑළිය පොලිස් වසමේ බොරලන්ද ප්‍රදේශයේ තිබී මීට දින කිහිපයකට පෙර උපත ලැබූ බිළිඳෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

නුවරඑළිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මතයි මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ.

කෙසේනමුත් ප්‍රදේශවාසීන් පවසන්නේ බිළිඳාගේ සිරුර තවමත් හඳුනාගෙන නොමැති අතර නරක් වී බවයි.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බිළිඳු මළ සිරුර නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ තබා ඇති බවයි පොලීසිය පවසන්නේ.

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ සහ ප්‍රදේශයේ දිස්ත්‍රික් හෙද නිලධාරීන්ගේ එක්ව මෙලෙස මියගිය බිළිඳාගේ මව සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.