29 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලීසියෙන් පැන්න තරුණයා අයිස් සමඟ මාට්ටු

පොලීසියෙන් පැන්න තරුණයා අයිස් සමඟ මාට්ටු

යාපනය පොලිස් ස්ථානයෙන් පැන ගිය සිරකරුවෙකු කිලිනොච්චිය ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය, මඩත්තඩි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක් බවයි පොලීසිය පැවසුවේ.

අදාළ පුද්ගලයා කිලිනොච්චියේ නිවසක සැඟව සිටියදී යාපනය පොලිස් විමර්ශන ඒකකය විසින් අද (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී එම පුද්ගලයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3800ක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර එම තරුණයා වැඩිදුර විමර්ශන සඳහා යාපනය පොලීසිය වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

යාපනය දිස්ත්‍රික්කයේ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් ඔහුට අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත් කර තිබීම විශේෂත්වයකි.

පසුගිය මැයි 12 වැනිදා යාපනය පොලිස් ස්ථානයේ ප්‍රශ්න කිරීම සඳහා රඳවාගෙන සිටියදී මෙම සිරකරු පොලිසියෙන් පැන ගොස් ඇති අතර මේ හේතුවෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේද සේවය අත්හිටුවා තිබුණා.