― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsහිටපු යුධ හමුදා සෙබළා නිල ඇඳුම් සමඟ මාට්ටු

හිටපු යුධ හමුදා සෙබළා නිල ඇඳුම් සමඟ මාට්ටු

ගංජා වගාවක් සහ යුධ හමුදා නිල ඇඳුම් සමඟ හිටපු යුධ හමුදා සෙබළෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය දඹුල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (18) මකුළුගස්වැව පොලිස් වසමේ බුලනවැව, දේවහුව ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර ඇත.

එහිදී අගල් 06 ක් පමණ උස ගංජා වගාවක් පවත්වාගෙන ගිය 06 වන විජයබා පාබල රෙජිමේන්තුවේ රාජකාරි කර, සේවයෙන් පලාගිය දේවහුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මකුළුගස්වැව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

වැඩිදුර පරික්ෂා කිරීමේදී මෙම නිවස තුළ තිබී යුධ හමුදා නිල ඇදුම් කොටස් හමුවී ඇති අතර ඒවාද මකුළුගස්වැව පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි විශේෂ කාර්ය බලකාය පැවසුවේ.