― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsප්‍රසන්න හා බැසිල් ජනපති ඉදිරියේ පැටලෙයි

ප්‍රසන්න හා බැසිල් ජනපති ඉදිරියේ පැටලෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ හා අමාත්‍ය ප්‍රසන්න රණතුංග අතර බහින්බස් වීමක් සිදුව තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ඔවුන් දෙදෙනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේදීම මෙලෙස බැන වැදීගෙන ඇති බවයි.

අලුත් සන්ධානයට පොහොට්ටු සාමාජිකයින් බඳවා ගැනුණ ද, කිසිසේත්ම රාජපක්ෂවරු ඊට එක් කර නොගත යුතු බව ඇමති ප්‍රසන්න පැවසීමත් සමඟ මෙම බහින්බස් වීම සිදු වී තිබෙනවා.

එම අවස්ථාවේදී උණුසුම් වචන හුවමාරුවක්ද සිදුව ඇති අතර
එහිදී හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසා ඇත්තේ “ඔයාට අපිව එක පාරක් එපා නම්, අපිට ඔයාව සිය පාරක් එපා” යනුවෙන්.

මෙම හමුව පැවැත්වීමට නියමිතව තිබී ඇත්තේ ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ අතරයි.

නමුත්, ජනාධිපතිවරයා මෙම හමුව සඳහා පොහොට්ටු පක්ෂයේ ඔහුට හිතවත් ප්‍රසන්න රණතුංග ඇතුළ පාර්ශ්වයන් කිහිපයකට ද ආරාධනා කර තිබෙනවා.

සාකච්ඡාව අතරතුරේ දී, රාජපක්ෂවරු නායකත්වය නොදරන, එනමුත් පොහොට්ටු පක්ෂයේ සහභාගීත්වය ඇති, පුළුල් සන්ධානයකට ඉඩදෙන ලෙසට ඉල්ලීමක්, සන්ධානය සමග එක්වීමට අපේක්ෂා කරන අනෙකුත් පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත් ව ඇතැයි ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කර තිබෙන බවත් සඳහන්.