― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජනපතිගේ සර්ව පාක්ෂික සමුළුවට කවුරුත් නැතිවෙන ලකුණු

ජනපතිගේ සර්ව පාක්ෂික සමුළුවට කවුරුත් නැතිවෙන ලකුණු

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 23 වැනිදා සර්ව පාක්ෂික සමුළුව පැවැත්වීමට නියමිතය.

මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වලට ආරාධනා කර ඇති අතර මෙම සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට පක්ෂ විපක්ෂ දේශපාලන කණ්ඩායම් රැසක් මේ වනවිටත් තීරණය කර තිබේ.

ජාතික ජන බලවේගය මෙම සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරන බව ඊයේ ප්‍රකාශ කළ අතර ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 කණ්ඩායමේ පාර්ශ්ව රැසක්ද සමුළුව වර්ජනය කරන බව ප්‍රකාශ කර ඇත.

එම පක්ෂ 11 කණ්ඩායමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය හා අතුරලියේ රතන හිමි පමණක් සමුළුවට සහභාගී වීමට තීරණය කර තිබේ. ජාතික නිදහස් පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරන බව කල් තියාම ප්‍රකාශ කළ අතර ඔවුන් අනුව යමින් සෙසු පක්ෂද සමුළුව වර්ජනය කිරීමට තීරණය කර තිබේ.

කෙසේ නමුත් විපක්ෂයේ ප්‍රධාන දේශපාලන කණ්ඩායම වන සමගි ජන බලවේගය තවමත් අවසන් තීරණයක් ගෙන නොමැත. සමුළුවට සහභාගි වන්නේද නැද්ද යන්න තීරණය කිරීම සඳහා හෙට (22) පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් කැඳවා ඇති අතර එහිදී අවසන් තීරණය ගැනීමට නියමිතය.