― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකළුතරට පැය 12 ක ජල කප්පාදුවක්

කළුතරට පැය 12 ක ජල කප්පාදුවක්

කළුතර ප්‍රදේශ කිහිපයකට අද (25) පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පැවසුවේ කළුතර ප්‍රදේශයේ ව්‍යාපෘතියක කටයුතු හේතුවෙන් අද පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බවයි.

ඒ අනුව වාද්දුව, මොරොන්තුඩුව හා කළුතර යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා ඇති අතර මතුගම, පිලමිනාවත්ත, පයාගල, බේරුවල, බෙන්තොට හා අළුත්ගම යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බවයි ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ.