― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsAccidentලොරි - යතුරුපැදි අනතුරකින් තරුණයෙක් රෝහලේ

ලොරි – යතුරුපැදි අනතුරකින් තරුණයෙක් රෝහලේ

බුත්තල ප්‍රදේශයේදී යතුරු පැදියක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් රිය අනතුරක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ වැල්ලවාය – මොණරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල නගර ආසන්නයේ දී ලොරි රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් යතුරුපැදියේ ගමන් ගත් උණවටුන ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් බරපතළ තුවාල ලබා තිබෙනවා.

ඔහු බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරට හේතුව යතුරුපැදිකරුගේ අධික වේගය බවයි පොලීසිය පවසන්නේ.

ලොරි රථයේ රියදුරු බුත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.