― political ―

වත්මන් වැඩපිළිවෙළින් බැහැරව රට ගොඩනැඟීම සිහිනයක් පමණයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වත්මන් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළින් බැහැරව කිසිවකු හෝ ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට සිහින මවනවා නම් යළිත් මේ රට කඩාවැටීමට ලක්වීම...
HomeHot Newsකෙන්යානු ජනපති බදු පනත හකුලාගනී

කෙන්යානු ජනපති බදු පනත හකුලාගනී

දැඩි මහජන විරෝධතා මධ්‍යයේ සාකච්ඡාවට ගැනුණු බදු සංශෝධන පනත් කෙටුම්පත වහා හකුලා ගැනීමට කෙන්යානු ජනාධිපති විලියම් රූටෝ තීරණය කර තිබෙනවා.

කෙන්යා රජය නව බදු පැනවීමට ගත් තීරණයට එරෙහිව නැගුණු දැවැන්ත මහජන විරෝධතාවලදී ගැටුම්වලින් විසි දෙනෙකු පමණ මේ වනවිටත් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

බදු පනත් කෙටුම්පත පිළිබදව සාකච්ඡා කරමින් පැවති පාර්ලිමේන්තුවට කඩා වැදුණු විරෝධතාකරුවන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිනි තැබීමත් සමග සිය බදු සංශෝධන ආපසු හරවා ගැනීමට විලියම් රූටෝගේ රජයට සිදුව තිබෙනවා.

දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින කෙන්යානු ආර්ථිකය රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සදහා මාර්ග සොයමින් සිටින අතර නව බදු සංශෝධන පැකේජයක් හඳුන්වා දීමට තීරණය වී තිබුණේ ඒ් අනුවයි.