― political ―

වත්මන් වැඩපිළිවෙළින් බැහැරව රට ගොඩනැඟීම සිහිනයක් පමණයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වත්මන් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළින් බැහැරව කිසිවකු හෝ ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට සිහින මවනවා නම් යළිත් මේ රට කඩාවැටීමට ලක්වීම...
HomeHot Newsමෙහෙයුමක් අතරතුර මියගිය නාවික සෙබළාට උසස්වීමක්

මෙහෙයුමක් අතරතුර මියගිය නාවික සෙබළාට උසස්වීමක්

මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී මියගිය නාවික හමුදා සෙබළාට උසස්වීමක් ලබා දී තිබෙනවා.

ඒ අනුව එම නාවික හමුදා සෙබළා සමූහ ප්‍රධාන සුළු නිලධාරී තනතුරට උසස් කිරීමට නාවික හමුදාපතිවරයා කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

නාවික හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත්වීම සහ නාවික හමුදා දේපොළවලට අලාභහානි සිදුවීම සම්බන්ධයෙන් අදාළ ඉන්දීය ධීවරයින්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බව නාවික හමුදාව පවසනවා.

පසුගියදා (25) යාපනය, කන්කසන්තුරය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අනවසර ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවර යාත්‍රාවක් සිය භාරයට ගැනීමට යාමේදී ඉන්දීය ධීවරයි කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් නාවික හමුදා සෙබළෙක් ජීවිතක්ෂයට පත් වුණා.

මියගිය නාවික හමුදා සෙබළාගේ දේහය ඊයේ (26) අලුයම ඥාතීන් වෙත භාරදී ඇති අතර අවසන් කටයුතු අද (27) ඉබ්බාගමුව ප්‍රදේශයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ උත්තමාචාර සහිතව සිදුකිරීමට නියමිතයි.