― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජනාධිපති ඉල්ලා අස්වෙන කතාව බොරුවක්

ජනාධිපති ඉල්ලා අස්වෙන කතාව බොරුවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රට තවදුරටත් අස්ථාවර කිරීම සඳහා ඇතැම් පිරිස් විසින් කටකතා පතුරවන බව කිංස්ලි රත්නායක වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපතිවරයා බරපතල අර්බුදයකදී පලා යන පුද්ගලයකු නොවන බවත් ජාතිය මුහුණ දී සිටින විවිධ ගැටලුවලට විසඳුම් සෙවීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය මේ වන විට යොමු වී ඇති බවත් එම නිවේදනයේ දක්වා තිබේ.