― political ―

රනිල් නත්තල් සීයා වගේ පොරොන්දු දිදී යනවා – තිස්ස

මෙවර ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ හැක්කේ සජිත් ප්‍රේමදාසට පමණක් බවත් රනිල් වික්‍රමසිංහ නත්තල් සීයා වගේ එක එක දේවල් දෙනවා කියා පොරොන්දු දිදී යන බවත් සමගි...
HomeHot Newsඑක්සත් අරාබියේ කාන්තා ක්‍රිකට් පිළ දිවයිනට

එක්සත් අරාබියේ කාන්තා ක්‍රිකට් පිළ දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (12) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා.

ඒ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත 2024 කාන්තා ආසියානු ක්‍රිකට් කුසලාන තරගාවලියට සහභාගී වීම සඳාහායි.

මෙම තරගාවලිය එළැඹෙන 19 වැනිදා සිට 28 වැනිදා දක්වා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

ක්‍රීඩිකාවන් 19 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම අද (12) අලුයම 05.10 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.