25.6 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදේශ අමාත්‍යවරයා ඊජිප්තු තානාපති හමුවෙයි

විදේශ අමාත්‍යවරයා ඊජිප්තු තානාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නව ඊජිප්තු තානාපති මගේඩ් මොස්ලේ පසුගියදා විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් හමු වී තිබේ.

විදේශ අමාත්‍යවරයා විසින් තානාපති මොස්ලේ මහතා උණුසුම් ලෙස පිළිගෙන ඇති අතර තානාපතිවරයා එහිදී පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ සේවයේ නිරත වන කාලය තුළ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

එහිදී දෙරට අතර බහුවිධ ද්විපාර්ශ්වික සහයෝගීතාව සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කර ඇති අතර ගෝලීය වශයෙන් වැදගත් වන සමකාලීන ගැටළු පිළිබඳවද සිය අදහස් හුවමාරු කර ගෙන තිබේ.

ප්‍රතිසන්ධානය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ලබා ඇති ප්‍රගතිය පිළිබඳවද විදේෂ අමාත්‍යවරයා ඊජිප්තු තානාපතිවරයා දැනුවත් කළේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පැවති අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී ශ්‍රී ලංකාවට සහය දැක්වීම සඳහා ඊජිප්තු ජනරජය මැදිහත් වීම සම්බන්ධයෙන් අමාත්‍ය පීරිස් ඊජිප්තු තානාපතිවරයා වෙත සිය ප්‍රසාදය පළ කර තිබේ.