27.2 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News138 මාර්ගයේ බස් රථ වර්ජනයක්

138 මාර්ගයේ බස් රථ වර්ජනයක්

138 කඩවත – කොටුව මාර්ගයේ ගමන්ගන්නා බස් රථ අද (31) වර්ජනයක් ආරම්භ කර තිබුණා.

මේ හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයකට ලක් වුණා.

කඩවත – කොටුව බස් නැවතුම්පොළේ මතුවී ඇති විශාල මඩවළ හේතුවෙන් මේ වනවිට බස් රථ කැඩී යන තත්ත්වයට පත්ව ඇති බවත් වැසිකිළි වළ උතුරා යෑම හේතුවෙන් ඒ අවට ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක් පවතින බවත් පවසමින් ඊට විසඳුම් ඉල්ලා බස් රථ රියදුරන් මෙම වර්ජනය ආරම්භ කරනු ලැබුවා.

ඒ අනුව කඩවත – කොටුව, වැලිවේරිය – කොටුව හා කිරිල්ලවල – කොටුව යන සියලු බස්රථ ධාවනයෙන් ඉවත් වී තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.