― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිවාහ ලියාපදිංචි කිරීමේ නීති සංශෝධනය කෙරේ

විවාහ ලියාපදිංචි කිරීමේ නීති සංශෝධනය කෙරේ

විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මෙම තීරණය සම්බන්ධයෙන් දැනුම් දෙනු ලැබීය. ඒ අනුව විදේශ දික්කසාද ලියාපදිංචි කිරීම විවාහ ශූන්‍යතාව හෝ අධිකරණමය වෙන්වීම් පිළිගැනීම් සම්බන්ධයෙන් නව නීති හඳුන්වාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

නීති කෙටුම්පත් සම්පාදක විසින් මේ වනවිට ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරමින් පවතී. විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ විවාහ ලියාපදිංචි කිරීම් සඳහා සපුරාලිය යුතු නියමයන් ඇතුළත්විය යුතු අතර විදේශ දික්කසාද ලියාපදිංචි කිරීම විවාහ ශූන්‍යතාව හෝ අධිකරණමය වෙන්වීම් සඳහා විධිවිධාන එකී ආඥාපනතේ ඇතුලත්ව නොමැත.

ඒ අනුව විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත සංශෝධනය කිරීමටත්, ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමටත් අධිකරණ අමාත්‍යවරයා කර ඇති එම යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මේ අතර නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද අන්තිම කැමති පත්‍ර ආඥාපනතේ සංශෝධිත පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී තිබේ.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළකිරීමටත් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉරිදිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

අන්තිම කැමති පත්‍ර ආඥාපනත සංශෝධනය කිරීමට මීට පෙර කැබිනට් අනුමැතිය හිමිවිය.