― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවාණිජ මණ්ඩලයේ සභාපති හා අනුර අතර හමුවක්

වාණිජ මණ්ඩලයේ සභාපති හා අනුර අතර හමුවක්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව අතර හමුවක් සිදුව තිබෙනවා.

ඊයේ (01) පස්වරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී යි මෙම හමුව පවත්වා ඇත්තේ.

ලංකා වාණිජ මණ්ඩලය විසින් සම්පාදනය කරන ලද ‘Vision 2030 – පස් අවුරුදු ආර්ථික සැලැස්ම’ ප්‍රකාශනයේ පිටපතක් මෙම අවස්ථාවේදී ජාතික ජන බලවේගය වෙත ලබා දෙන ලදී.

මේ අවස්ථාව සඳහා ලංකා වාණිජ මණ්ඩලයේ උප සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර, නියෝජ්‍ය උප සභාපති බිඟුමාල් තෙවරතන්ත්‍රී සහ අධ්‍යක්ෂ මණ්ඩල නියෝජිතයින් වන අමල් කබ්රාල්, සරත් ගනේගොඩ, සුපුන් වීරසිංහ, විනෝද් හයිඩ්‍රාමනී යන මහත්වරු ඇතුළු පිරිසක්ද ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයින් වන මහාචාර්ය අනිල් ජයන්ත සහ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන සහෝදරවරුද එක්ව සිටියහ.