― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවික්ටෝරියා නුලන්ඩ් අද ජනපති හමුවෙයි

වික්ටෝරියා නුලන්ඩ් අද ජනපති හමුවෙයි

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබද උපලේකම් වික්ටෝරියා නුලන්ඩ් ඊයේ (22) දිවයිනට පැමිණ තිබේ.

පසුගියදා ඇය දකුණු ආසියාතික කලාපයේ නිල සංචාරයක් ආරම්භ කළ අතර බංග්ලාදේශ සංචාරය නිමවා ඉන්දියාවේ සංචාරය කිරීමෙන් අනතුරුව මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

නවදිල්ලි අගනුවර සිට ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි 281 දරන යානයෙන් ඇය සමඟ ඇමරිකානු රජයේ උසස් නිලධාරීන් 05ක් මෙරටට පැමිණ ඇත.

මෙම සංචාරයේදී ඇමරිකානු දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබද උපලේකම් වික්ටෝරියා නුලන්ඩ් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන්ම විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ එම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ හමුවීමට නියමිතය.

එමෙන්ම ඇය කොළඹ වරායේ සංචාරයක යෙදී ව්‍යාපාරික ප්‍රජාව හමුවීමටද නියමිත බව විදේශ අමාත්‍යාංශය පවසයි.