25 C
Colombo
Wednesday, November 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentටිපර් - ත්‍රිරෝද රථ අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට

ටිපර් – ත්‍රිරෝද රථ අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට

ටිපර් රථයක් සහ ත්‍රිරෝද රියක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ දිවුලපිටිය – මීගමුව මාර්ගයේ දූනගහ හන්දියේදී ටිපර් රථයක් සහ ත්‍රිරෝද රියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අද (15) උදෑසන 8.30ට පමණ සිදු වූ මෙම අනතුරින් ත්‍රිරෝද රියේ ගමන්ගත් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දිවුලපිටිය සිට මීගමුව දෙසට ධාවනය වූ ලොරි රථයක් හා ගොඩිගමුව ප්‍රදේශයේ සිට දූනගහ දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුරෙන් එක් කාන්තාවක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ ත්‍රිරෝද රථ රියැදුරුගේ නොසැලකිලිමත්භාවය අනතුරට හේතු වී ඇති බවයි.