― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsAccidentමහ ඉඳුරුවේදී පුද්ගලයෙක් දුම්රියට බිලිවෙයි

මහ ඉඳුරුවේදී පුද්ගලයෙක් දුම්රියට බිලිවෙයි

මහ ඉඳුරුව දුම්රිය ස්ථානය අසළ සුදු වැලිපොත දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියක ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොස්ගොඩ පොලිසිය පැවසුවේ අද (19) දහවල් 11.45ට පමණ සුදු වැලිපොත ප්‍රදේශයේ සිට රත්මලාන බලා ගමන් ගත් කුරුඳු දර පැටවූ ලොරි රථයක් මාතර සිට මහව බලා ගමන් ගත් රජරට රැජිණ දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉඳුරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 55 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක්.

මෙම ස්ථානයේ දුම්රිය සංඥා ක්‍රියාත්මක නොවන බවට සඳහන් දැන්වීමක් ද අලවා ඇති අතර මීට මාස කිහිපයකට පෙර මෙම ස්ථානයේදී ජීප් රථයක් ද අනතුරට පත් වුණා.

ලොරි රථයේ ගමන් ගත් එක් පුද්ගලයෙක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර අනෙක් පුද්ගලයා තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම අනතුරින් ලොරි රථයට බරපතල හානි සිදුව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.