ජේ ෂා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නව සභාපතිවරයා ලෙස නිතරගයෙන් තේරී පත්වී තිබෙනවා.
ඔහු මේ වනවිට ඉන්දීය ක්‍රිකට් පාලක මණඩලයේ වත්මන් ලේකම් ධුරය දරනු ලබනවා.
ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට පත් ලාබාලතම පුද්ගලයා ලෙස ඔහු වාර්තා අතරට එක්වනු ඇති.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඔහු මේ වසරේ දෙසැම්බර් 01 වැනිදා සිට එම තනතුරේ වැඩ භාරගන්නා බවයි.