― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමට මාධ්‍යයෙන් සහය දෙන්නේ මගේ පොත්ත සුදු නිසා කියලා ඇමති විමලවීර කිව්වා

මට මාධ්‍යයෙන් සහය දෙන්නේ මගේ පොත්ත සුදු නිසා කියලා ඇමති විමලවීර කිව්වා

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සියලු පශු වෛද්‍ය නිලධාරීන් ඊයේ (24) සිට අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයෙන් ඉවත් වී තිබේ.

ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ රිදියගම සෆාරි උද්‍යානයේ සේවය කරන පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණට පහරදීමේ සිද්ධියට අදාළව කඩිනම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි බල කරමිනි.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මියද එහි ක්ෂේත්‍ර චාරිකාවක නිරතව සිටින අතරතුරදී රිදියගම සෆාරි උද්‍යානයේ පශු වෛද්‍ය ප්‍රියසාද් එදිරිවර්ණ මහතාට එහි සේවකයින් පිරිසක් පෙරේදා (23) පස්වරුවේ පහරදීමක් සිදුකර තිබේ.

පහරකෑමෙන් තුවාල ලැබූ පශු වෛද්‍යවරයා මේ වනවිට හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.‍ රිදියගම සෆාරි උද්‍යානයේ උපත ලද ඩෝරා සිංහ පැටවාට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා ‍ලෙස ප්‍රියසාද් එදිරිවර්ණ පසුගිය සමයේ මහත් කතාබහට ලක්වූ වෛද්‍යවරයෙකි.

මෙම සිද්ධියෙන් අනතුරුව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේදී තමන් මුහුණ දුන් අත්දැකීම් සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂ ජනරාල්වරිය ඊයේ (24) මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු සඳහන් කළාය.

ජනමාධ්‍යවලින් තමන්ට සහාය දෙන්නේ තමන්ගේ ‘පොත්ත සුදු නිසා බවට’ විෂය භාර අමාත්‍ය විමලවීර දිසානායක ප්‍රසිද්ධියේ පවසා ඇති බවත් කාන්තාවක ලෙස මෙවැනි තත්වයක් උදාවීම ගැන කණගාටුවට සහ ලැජ්ජාවට පත්වන බවත් ඇය එහිදී ප්‍රකාශ කළාය.