― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsAccidentත්‍රිරෝද රියේ රෝදයක් ගැලවී බසයක හැපිලා

ත්‍රිරෝද රියේ රෝදයක් ගැලවී බසයක හැපිලා

බදුල්ල – මහියංගනය මාර්ගයේදී ත්‍රිරෝද රථයක් බස් රථයක ගැටීමෙන් ඊයේ (02) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ බදුල්ල මහ රෝහලේ සායනයකට ගොස් ආපසු එමින් සිටි පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක්.

බදුල්ල – මහියංගනය මාර්ගයේ දොළොස්වන සැතපුම් කණුව ආසන්නයේදී ඉදිරියෙන් පැමිණි බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් එකම පවුලේ සැමියා, බිරිඳ සහ ලේලිය බරපතල තුවාල ලබා මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්‍ෂණ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මීගහකිවුල, කරඳගහමඩ අලුත්කෑල්ල පදිංචි අවුරුදු 73, 67 සහ 43 වයස්වල පසුවන එකම පවුලක සාමාජිකයින් තිදෙනෙක් බවයි පොලීසිය පැවසුවේ.

ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයේ ඉදිරිපස රෝදය ගැලවී යාමත් සමඟ රියදුරු පාලනයෙන් ගිලිහී ගිය ත්‍රිරෝද රථය ඉදිරිපසින් පැමිණි බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් කන්දකැටිය සහ බදුල්ල පොලිසිය එක්ව පරීක්ෂණ පවත්වනු ලබනවා.