― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවිදුලි කප්පාදුව පැය 10ක් දක්වා ඉහළට

විදුලි කප්පාදුව පැය 10ක් දක්වා ඉහළට

ලබන සතියේ සිට දෛනික විදුලි කප්පාදුව පැය 10ක් දක්වා වැඩිවීමේ අවදානමක් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ජල විදුලි බලාගාර සඳහා ජලය සැපයෙන ජලාශවල පෝෂක කලාපවලට වර්ෂාව නොලැබීමෙන් එම ජලාශවල ජාල ධාරිතාව සීඝ්‍රයෙන් පහළ යමින් පැවතීම හා නිසි ආකාරයට ඉන්ධන නොලැබීම මීට හේතුව වී තිබේ.

මේ වනවිටත් දිවයිනේ සමහර කලාප සඳහා පැය 6කට අධික කාලයක් විදුලිය විසන්ධි කෙරේ.

පසුගිය අඟහරුවාදා (22) ලංකා විදුලිබල අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම මේ වනවිට ඉතාමත් අවම මට්ටමක පවතින බවයි.

ඒ හේතුවෙන් ජල විදුලි උත්පාදනයට තවදුරටත් බාධා පැමිණෙනු ඇතැයි විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරයි.