32.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපති සහ TNA අතර සාකච්ඡාව ඇරඹේ

ජනපති සහ TNA අතර සාකච්ඡාව ඇරඹේ

දෙමළ ජාතික සන්ධානය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ වනවිට සාකච්ඡාවක් පැවැත්වේ.

ඉලංගෙයි තමිල් අරසුකච්චි සහ ප්ලොට් සංවිධානය මෙම සාකච්ඡාවට එක්ව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරම් පැවසීය. දෙමළ ජනතාවගේ ගැටලු ජනාධිපතිවරයා හමුවේ ඉදිරිපත් කිරීම සාකච්ඡාවේ අරමුණ බව හෙතෙම එහිදී සඳහන් කළේය.

දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට ශ්‍රී ලංකා රජයට බල කරන්නැයි, ඉල්ලමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට දෙමළ පක්ෂ නියෝජිතයින් ලිපියක් ඉදිරිපත් කර ඇති අවස්ථාවේදී මෙම සාකච්ඡාව පැවැත්වීම විශේෂත්වයකි.