― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජනපති සහ TNA අතර සාකච්ඡාව ඇරඹේ

ජනපති සහ TNA අතර සාකච්ඡාව ඇරඹේ

දෙමළ ජාතික සන්ධානය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ වනවිට සාකච්ඡාවක් පැවැත්වේ.

ඉලංගෙයි තමිල් අරසුකච්චි සහ ප්ලොට් සංවිධානය මෙම සාකච්ඡාවට එක්ව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරම් පැවසීය. දෙමළ ජනතාවගේ ගැටලු ජනාධිපතිවරයා හමුවේ ඉදිරිපත් කිරීම සාකච්ඡාවේ අරමුණ බව හෙතෙම එහිදී සඳහන් කළේය.

දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට ශ්‍රී ලංකා රජයට බල කරන්නැයි, ඉල්ලමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාට දෙමළ පක්ෂ නියෝජිතයින් ලිපියක් ඉදිරිපත් කර ඇති අවස්ථාවේදී මෙම සාකච්ඡාව පැවැත්වීම විශේෂත්වයකි.