පානදුර මුහුදු වෙරළේ විනෝදයට දියනාමින් සිටි තරුණයින් දෙදෙනෙක් රළ පහරට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.
පානදුර ජීවිත ආරක්ෂක ඒකකය සඳහන් කළේ මොවුන් දෙදෙනාගෙන් එක් අයෙක් බේරාගෙන ඇති අතර අනෙක් තරුණයා අතුරුදන්ව ඇති බවයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ පානදුර, තොටවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් රිහාන් නමැති 23 හැවිරිදි තරුණයෙක්.
අතුරුදන්ව ඇති තරුණයා ඇතුළු මිතුරන් පස් දෙනෙකු පානදුර ළමා උද්‍යානය ඉදිරිපිට මුහුදේ දියනාමින් සිටියදී ඉන් දෙදෙනෙක් රළ පහරට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.
පසුව පොලිස් සහ නාවික ජීවිත ආරක්ෂක නිලධාරින් දෙදෙනෙක් වින් එක් තරුණයෙක් බේරාගෙන ඇති අතර අනෙක් තරුණයා රළ පහරට හසුව එක්වරම නොපෙනී ගොස් තිබෙනවා.
අතුරුදන්ව ඇති තරුණයා සොයා පොලිස් සහ නාවික හමුදා ජීවිත ආරක්ෂක නිලධාරින් මේ වනවිටත් පානදුර වෙරළේ නිරීක්ෂණය කරමින් සිටිනව.
බේරාගත් තරුණයා ප්‍රථමාධාර ලබාදීමෙන් පසු පානදුර මූලික රෝහලට යොමුකර තිබෙනවා.


