29.4 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබන්ධනාගාරෙට මත්ද්‍රව්‍ය ගෙන ගිය දෙදෙනෙක් කොටු

බන්ධනාගාරෙට මත්ද්‍රව්‍ය ගෙන ගිය දෙදෙනෙක් කොටු

නීතිවිරෝධී අයුරින් කළුතර බන්ධනාගාරයට මත්කුඩු රැගෙන ගිය පුද්ගලයන් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මතයි මෙම විශේෂ පරීක්ෂාව සිදු කර ඇත්තේ.

එහිදී අයෙක් තමා හැඳ සිටි සරමේ වාටියේ හෙරොයින් සඟවාගෙන බන්ධනාගාරයට පැමිණ සිටියදී සොයාගෙන තිබුණා.

අනෙක් පුද්ගලයා අයිස් මත්ද්‍රව්‍ය සහ දුම්කොළ තොගයක් සමඟ කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.