― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඇමති අනින් ශර්මිලා රාජපක්ෂගේ සේවය අත්හිටුවයි

ඇමති අනින් ශර්මිලා රාජපක්ෂගේ සේවය අත්හිටුවයි

ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ෂර්මිලා රාජපක්‍ෂගේ සේවය ඊයේ (24) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බව වනජීවී අමාත්‍ය සී.බී. රත්නායක පැවසීය.

අමාත්‍යංශයේ නියෝග නොතකා දිගින් දිගටම කටයුතු කරන බැවින් ඇයගේ නිල කාමරය මුද්‍රා තැබීමටත්, නිල රථය අමාත්‍යාංශය වෙත පවරා ගැනීමටත් කටයුතු කරන ලෙසට අමාත්‍යංශය වෙත ඇමතිවරයා නියෝග කර ඇත.

මේ අතර රිදියගම සෆාරි උද්‍යානයේ පශු වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති අතර ඊට හේතු වී ඇත්තේ අධ්‍යක්ෂ ජනරාල්වරිය එහි සිදුකළ සංචාරයක් අතරතුර ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් බව වාර්තා වේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන්ද වහාම පරීක්‍ෂණයක් කිරීමට තමන් නියෝග කළ බව ඇමතිවරයා කියා සිටියේය.