පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ රුපියල් මිලියන 75ක වන්දි මුදල හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ගෙවා අවසන් කර තිබෙනවා.
අධිකරණ ආරංචිමාර්ග පවසන්නේ ඔහු එම වන්දි මුදල වාරික 08කට ගෙවා ඇති බවයි.
ඒ අනුව හිටපු පොලිස්පතිවරයා පසුගිය අගෝස්තු මස 30 වැනිදා ගෙවා අවසන් කර ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනාව මත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට මෙම වන්දි මුදල ගෙවන ලෙස නියෝග කළා.


