― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsබංගලාදේශයක් වීමට නොදී ශ්‍රී ලංකාව රැකගත්තේ රනිල් - ප්‍රසන්න

බංගලාදේශයක් වීමට නොදී ශ්‍රී ලංකාව රැකගත්තේ රනිල් – ප්‍රසන්න

104 දෙනෙකුගේ සහයෙන් මේ සන්ධානය ගොඩනැගුවේ රනිල් වික්‍රමසිංහට සහය ලබාදීමට බවත් ශ්‍රී ලංකාව තවත් බංගලාදේශයක් වීමට ඉඩ නොදී රැකගත්තේ එතුමා බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (10) පොදුජන එක්සත් නිදහස් පෙරමුණේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මෙවර ජනාධිපතිවරණයෙන් අනිවාර්යෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජයගන්නා බවත් ජාති, ආගම් භේද නැතිව 80% ක් දෙනා ඔවුන් සමඟ එකතු වී සිටින බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළා.

“මේ සන්ධානය 104 දෙනෙක්ගේ සහයෙන් අපි හැදුවේ රනිල් වික්‍රමසිංහට සහය ලබා දෙන්න. ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම දිනනවා. ඒ නිසා ජනාධිපතිවරණයට පසු ජනාධිපතිවරයාට අපි සහය දෙන්න කටයුතු කරනවා. අද රට බංගලාදේශය වගේ නොවී රැකගත්තේ එතුමා. ජාති, ආගම් භේද නැති එකම වේදිකාව අපේ එක. 80% ක් දෙනා අපි සමඟ එකතු වෙලා සිටිනවා. රාජ්‍ය සේවක වැටුප් ගැන චක්‍රලේඛනයක් නෑ කියලා කියනවා මේ දිනවල මාධ්‍යයෙන්. අලුතෙන් කැබිනට් පත්‍රිකා දාන්න ඕනේ නෑ අනුමැතිය දීලා තියෙන්නේ.

රාජ්‍ය සේවකයන්ට අවුරුදු දෙකහමාරක් තුළ අපේ රටේ වැටුප් රහිත නිවාඩු දුන්නා. රාජ්‍ය සේවකයෝ බුද්ධිමත්. එයාලා දන්නවා අපි කොහොමද ඒක කළේ කියලා. අපිට සල්ලි තිබුණේ නෑ කලින් කිසිම දෙයක් කරන්න. දැන් අපි සතුව සංචිත තියෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ හා මාලිමාව කියන්නේ එකක්. දෙකක් නෙමේ හැම වෙලාවෙම ජනතා විමුක්ති පෙරමුණ තමා කකුලෙන් අදින්නේ. අධයාපනය ක්ෂේත්‍රයේ බොහෝදෙනෙක් ඝාතනය කළා ජනතා විමුක්ති පෙරමුණ. මේවා ගැන දන්න අය මෙයාලට සහයෝගය දෙන්නේ නෑ. ජාතික ජන බලවේගය මෙහෙම මුදල් වියදම් කරන්නේ කොහොමද කියලා අපි දන්නේ නෑ. ජංගිවල හිල් තියෙනවා කියලත් කියනවා. පාක්ෂිකයන්ට තමයි මෙයාලට ජංගි අරන් දෙන්න වෙන්නෙත් ඉස්සරහට. “