― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsAccidentඕමන්තේදී කාන්තාවක් දුම්රියට බිලිවෙයි

ඕමන්තේදී කාන්තාවක් දුම්රියට බිලිවෙයි

වවුනියාව ප්‍රදේශයේදී දුම්රියේ ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඕමන්ත පොලිසිය පැවසුවේ ඊයේ (10) යාපනය සිට වවුනියාව දෙසට ධාවනය වූ දුම්රියේ ගැටී මෙම කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

පුලියන්කුලම හා ඕමන්ත අතර ප්‍රදේශයේදී අදාළ කාන්තාව දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙලෙස දුම්රියේ ගැටී තිබෙනවා.

දුම්රියේ ගැටුණු කාන්තාව එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඇයගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කර නැහැ.

කෙසේනමුත් පොලීසිය සැක පළ කරන්නේ අදාළ කාන්තාව වයස අවුරුදු 35- 45 ත් අතර පසු වූ අයෙක් බවයි.

අනතුර සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.