කාණ්ඩ කිහිපයකට අදාළව දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.
ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාර්තාව සකස් කිරීමට දුම්රිය සාමාන්‍යධිකාරීවරයා වෙත උපදෙස් ලබා දුන් බවත් මෙම ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන දිනය සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම්දීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අවධානය යොමුකර ගාස්තු වැඩි කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.