― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 06ක්

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 06ක්

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඊයේ (28) අවබෝධතා ගිවිසුම් 06කට අත්සන් තබා තිබේ.

මෙරට සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සහ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් අතර ඊයේ සන්ධ්‍යාවේ පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම ගිවිසුම්වලට අත්සන් තබා ඇත.

එහිදී ඉන්දු – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබදතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සාකච්ඡා කර ඇති අතර ශ්‍රී ලංකාවේ සුවිශේෂී ඩිජිටල් අනන්‍යතා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරලීම සඳහාද ඉන්දීය රජයේ සහය ලබාදීමට එහිදී අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීය.

මෙරට සාමුද්‍රික ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් පිහිටුවීම සහ මෙරට ධීවර වරාය සංවර්ධනය කිරීම සදහා සහාය ලබාදීමට ද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අවබෝධතා ගිවිසුම්වලට එළඹ තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 200ක් සදහා නවීන පරිගණක, පරීක්ෂණාගාර හා විශේෂයෙන් සැකසූ විෂය මාලා මෘදුකාංග රැගත් සුහුරු – පුවරු ලබාදීමට ද ඉන්දියාව අවබෝධතා ගිවිසුමකට එළැඹිණි.

ඉන්දු – ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සුෂ්මා ස්වරාජ් විදේශ සේවා ආයතනය සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජතාන්ත්‍රික පුහුණු ආයතනය අතරද අවබෝධතා ගිවිසුමක් ඊයේ (28) අත්සන් තබා තිබේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග පැවති සාකච්ඡාවේදී ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක පමණ ආර්ථික සහාය ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ස්තුතිය පළ කර තිබේ.

එමෙන්ම මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ ක්‍රියාවලිය සදහා ඉන්දියාවේ සහය අඛණ්ඩව හිමි වන බවටද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රතිඥාවක් ලබා දී ඇති අතර
ආරක්ෂක හා බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව සහ ධීවරයන්ගේ ගැටලු සම්බන්ධයෙන් පැවති සාකච්ඡා පිළිබදවද ඔහු ජනාදිපතිවරයා සමන්නග සිහිපත් කර ඇතැයි වාර්තා වෙයි.

මෙරට ඉන්දීය ආයෝජන පිළිබද විශේෂ අවධානය යොමු කරමින් ආර්ථික හා වාණිජ සබදතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකඟ වූ බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය අවධාරණය කළේය.