මුහුණ පුරා රැවුල නොමැති රජයේ සේවකයන් සේවයෙන් පහ කිරීමට ඇෆ්ගස්තානයේ තලෙයිබාන් රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පවතින ආගමික නීති අනුකූලව මුහුණ පුරාම රැවුල වවා තිබිය යුතු බවට ඇෆ්ගන් තලෙයිබාන් රජය මීට පෙර අවස්ථා ගණනාවකදී රජයේ සේවකයින්ට දැනුම් දී ඇති අතර ඊයේ (28) සිට එම නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට එරට රජය තීරණය කර තිබේ.
ඒ අනුව රැවුල නොවැවූ සේවකයින්ට ආයතන පරිශ්‍රයට පැමිණීමටවත් අවස්ථාව හිමිනොවනු ඇත.