― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalගිවිසුම් වලින් ලංකාව ඉන්දියාවට නතු වෙමින් යනවා

ගිවිසුම් වලින් ලංකාව ඉන්දියාවට නතු වෙමින් යනවා

ගිවිසුම් වලින් ලංකාව ඉන්දියාවට නතු වෙමින් යන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

ආණ්ඩුව මේ වන විට ඉන්දියාවත් සමග ඉතාම වේගයෙන් ගිවිසුම් අත්සන් කරමින් යනවා. මේ වෙනකොට ඉන්දීය විදේශ කටයුතු ඇමති එස් ජයශංකර් ලංකාවට ඇවිල්ලා ඉන්නවා බිම්ස්ටෙක් සමුළුව සඳහා ඒ ඇවිල්ල ඉන්න අතර තවත් ගිවිසුම් ගණනාවක් අත්සන් කරල තියෙනවා. ප්‍රශ්නය තියෙන්නෙ මීට පෙර බැසිල් රාජපක්ෂ ඉන්දියාවට ගිය වෙලාවේ ඩොනියර්යා නා සඳහා වන ගිවිසුමක් අත්සන් කළා.
 පාවෙන තටාකාංගණයක් සඳහා ගිවිසුමක් අත්සන් කළා. සමුද්‍රීය මුදාගැනීමේ මධ්‍යස්ථානයක් සඳහා ගිවිසුම් අත්සන් කළා. මේ ඉතාම කඩිනමින් ගිවිසුම් සියල්ල අත්සන් කරමින් යන්නේ අවම වශයෙන් ලංකාවේ ජනතාව වත් පාර්ලිමේන්තුව වත් දැනුවත් නොකර මේ සම්බන්ධ සාකච්ඡාවක් නොගෙන සංවාදයක් නොගෙන මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුළ පවා සාකච්ඡාවක් අදහසක් නැතිව. උදාහරණයක් විදියට ඩොනියර් යානා  ගිවිසුම ගත්තොත් එහෙම ලංකාවේ නාවික හමුදාවට ඉන්දියාවෙන් ඩොනියර්    යානා දෙකක් ලබාගන්න හුවමාරු ගිවිසුමක් සඳහා කැබිනට් අනුමැතිය ගන්න ජනාධිපතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා මාර්තු 18 වැනිදා.
 කැබිනට් පත්‍රිකාව මාර්තු 18 ඉදිරිපත් කලාට මාර්තු 15 මේකට අදාළ ගිවිසුම ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුණරත්න විසින් අත්සන් කරලා තියෙනවා. මීට කලින් 2018දී         ඩොනියර් යානා     ලබාගන්න ගිවිසුමක් ආපු වෙලාවේ කැබිනට් මණ්ඩලය ඒක ප්‍රතික්ෂේප කළා.
 පාවෙන තටාකාංගන ගිවිසුමත් එහෙමයි. පාවෙන තටාකාංගන සඳහා වන ගිවිසුමක් 2022 පෙබරවාරි 19 තීරණය කරලා තියෙනවා තරඟකාරී ලංසු තැබීමේ ක්‍රමයට විවෘත වෙළෙඳ පොළෙන් තමයි ඒක ගන්නෙ කියලා. එහෙම තීරණයක් අරන් තියෙද්දි එකපාරටම මාර්තු 18 වෙනිදා ජනාධිපති වරයා ඉන්දියාවෙන් ඒක ලබාගන්න  කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා.
 ඒ කැබිනට් පත්‍රිකාවේ ලියලා තිබුණේ විසි දෙවැනි දා මේකට අදාළ ගිවිසුම අත්සන් කරනවා කියලා.  නමු ත් හොර රහසෙම පහළොස් වැනිදා මේකට අදාළ ගිවිසුම අත්සන් කළා. මේ ගිවිසුම අත්සන් කිරීමත් එක්ක නාවික ආරක්ෂණ ක්‍රියාවලියට විශාල බලපෑමක් කරන්න විශාල අත පෙවීමක් කරන්න  ඉන්දියාවට හැකියාව හම්බවෙනවා.

 සමුද්‍රීය මුදාගැනීමේ මධ්‍යස්ථානය සම්බන්ධ ප්‍රශ්නයත් එහෙමයි . 2017 දී සමුද්‍රීය මුදාගැනීමේ මධ්‍යස්ථානය ඉන්දියාවත් සමග එකතුවෙලා හදනවා කියලා කියද්දි ඒකට අදාල ප්‍රශ්නයක් විදිහට ම ආවා. ඒ හරහා චීනයට එරෙහි යුද බලයක් ඉන්දියාව විසින් හදන්න යනවා. ඒ නිසා මේ චීනයත් ඉන්දියාවත් අතර තියෙන ගැටුමට අපි මැදිහත් විය යුතු නෑ කියලා අදහසක් ආවා.
 එහෙම තියෙද්දි දැන් ඩොලර් මිලියන හයකට ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. ඒකට අනුව භාරත් ඉලෙක්ට්‍රොනික් ලිමිටඩ් සමාගමට ඉඩ ලැබෙනවා ලංකාවේ අනන්‍ය සාගර කලාපයේනුත් ඔබ්බට ගිය    විශාල සාගර තීරුවක සියලු තොරතුරු දත්ත එකතු කරන්න.
 මේක හරියටම ගත්තොත් එහෙම ලංකාව ඇතුලේ අපේ ගෙදරක සීසීටීවී හයිකරලා ඒ සීසීටීවී කැමරාවල තියෙන දේවල් ටික බලන යන්ත්‍රය මොනිටරය ඉන්දියාවේ හයි කරා වගේ වැඩක්.
 මේක ඉතාම බරපතළ ප්‍රශ්නයක්. ඒ විතරක් නෙමෙයි ඩිජිටල් අනන්‍යතා ගිවිසුමක් අත්සන් කරන්න සූදානමක් තියෙනවා ඒකට අදාළ අවබෝධතා ගිවිසුමක් පහුගිය දවස් වල ලංකාව තුළ අත්සන් කරලා තියෙනවා  ඉන්දියාවත් එක්ක.
 ලංකාවේ ජනතාවගේ ඇඟිලි සලකුණු රුධිර ඝනය  මුහුණේ     අනන්‍යතා ලක්ෂණ ඒ වගේ ජෛවමිතික ලක්ෂණ සියල්ල එකතු කරපු ඩිජිටල් අනන්‍යතා රාමුවක් හදන්නයි ඒක ඉන්දියාවත් එක්ක සම්බන්ධ කරන්නයි තමයි මේ පෙබරවාරි 7වැනිදා කැබිනට් අනුමැතිය ලැබිලා තියෙන්නේ.
 ප්‍රශ්නය තියෙන්නෙ මේ දත්ත සියල්ල ඉන්දියාව සතු වෙද්දි ඉතාම බරපතළ ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් එනවා. මේ ආණ්ඩුව බලයට පත්වෙද්දී ජාතික ආරක්ෂාව ගැන ලොකු කතා කියලා බලයට පත්වුණේ නමුත් අවසානයේ දී සිද්ධ වෙමින් යන්නේ මේක.
 අපි ඒ දිනවල ජනතාවට පැහැදිලි කරා ජාතික ආරක්ෂාව කියන එක මේ නායකයන්ගේ පුද්ගලික උනන්දුව මත පුද්ගලික රුචිකත්වයන් මත රඳා පවතින් නෑ ඒකට ආර්ථිකය බලපානවා කියලා.  මේ වන විට බරපතළ ලෙස මර්මස්ථාන ඉන්දියාව සතු වෙමින් යනවා.
 කොළඹ වරායේ බටහිර ජැටිය ඉන්දියාව සතු වෙලා. ත්‍රිකුණාමලය වරාය අසල තියෙන තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාව සතු වෙලා තියෙනවා. මුතුරාජවෙල තෙල් ටැංකි සංකීර්ණය එහි නල පද්ධතිය ඒ සමස්තයෙන් තුනෙන් එකක් ඉන්දියාව සතු වෙලා තියනවා. තෙල් පිරහුම් හල් විශාල ප්‍රමාණයක් ඉන්දියාව සතු වෙලා.
 පලාලි ගුවන්තොටුපල සහ කන්කසන්තුරේ වරාය පරිපාලනය ඉන්දියාව සතු වෙන්න නියමිතව තියෙනවා. යාපනයේ දූපත් තුනක දෙමුහුන් විදුලි බලාගාර හැදීම සඳහා ගිවිසුම් හදලා තියෙනවා.
 මේ සියල්ල ඇතුළෙ සිද්ධ වෙන්නේ භූ දේශපාලන උපාය මාර්ගයක් සඳහා ඉන්දියාව හැසිරවීමත් ඉන්දියාව ලංකාව පාවිච්චි කිරීමත් ඉන්දියානු සාගරයේ ඇමරිකා එක්සත් ජනපදය චීනය ඉන්දියාව ඇතුළු රටවල් අතර පවතින බල ගැටුමට ලංකාව සෘජුව මැදිහත් වීම.

 මේවා සාධාරණීකරණය කරන්නේ රටට සල්ලි නෑ සල්ලි ගන්න මොනවා හරි කරන්න ඕන කියලා. දැනටමත් ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක් හම්බවෙලා තියනවා. තව ඩොලර් බිලියනයක් ගන්න කතාවක් යනවා.
 ඒ අතර ඩොලර් මිලියන 500 ක සහ 400 ක ගිවිසුම් කලින් අස්සන් කළා ජනතාව මේවට එරෙහිව විරෝධයක් නොපා ඉන්නවා ඉන්දියාවෙන් හරි සල්ලි ටිකක් හම්බ වෙනවා නම් හොඳයි කියලා මේ අර්බුදය ඉස්සරහ මතවාදයක් හදලා තියෙන නිසා. මේ වෙන්නේ අර්බුදය ගසා කමින් දිගු කාලීනව ලංකාව ලංකාවේ ජනතාව ලංකාව රාජ්‍යයක් විදියට බරපතළ අර්බුදයට යන ගිවිසුම් අත්සන් කරමින් තියෙනවා.
 අපි ජනතාවගෙන් ඉල්ලනවා මේ සම්බන්ධ වහාම සැලකිලිමත් වෙන්න. මේකට මැදිහත් වෙන්න. මේවට ඉඩ දෙන්න එපා.
 ජනතාව සහ පාර්ලිමේන්තුව පමණක් නෙමෙයි අවම වශයෙන් කැබිනට් මණ්ඩලයට පවා බොරු කියමින් ඉතාම කඩිමුඩිය කිසිම අධ්‍යයනය ක්‌ නැතිව සාකච්ඡාවක් නැතිව සංවාදයක් නැතිව මේවා අත්සන් කරන එක පිටිපස්සේ තියෙන ඇත්ත හේතු හොයන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.