27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියානු ණය ආධාර යටතේ ඩීසල් නෞකාවක් අද දිවයිනට

ඉන්දියානු ණය ආධාර යටතේ ඩීසල් නෞකාවක් අද දිවයිනට

තවත් මෙට්‍රික් ටොන් 40,000ක ඩීසල් තොගයක් රැගත් නෞකාවක් අද (31) රාත්‍රියේ දිවයිනට ළඟාවීමට නියමිතය.

ඉන්දීය ණය ආධාර යටතේ එම නෞකාව මෙරටට ලැබීමට නියමිතය. අප්‍රේල් 05 වැනිදා සහ 08 වැනිදාද ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 බැගින් රැගත් නෞකා දෙකක් දිවයිනට පැමිණෙනු ඇත.

එම නෞකා දෙකද ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට පැමිණෙයි. මේ අතර මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල විමසීමකදී සඳහන් කළේ දැනට මෙරටට පැමිණ ඇති ඉන්ධන නෞකාවට මුදල් ගෙවීමට මේ වනවිට කටයුතු සූදානම් කරමින් පවතින බවයි. තවදුරටත් දිවයිනේ ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම් දක්නට ලැබෙන බව වාර්තාකරුවන් පවසයි.