27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසමනලවැව, කාසල්රී ජලාශවල හෙටින් පසු විදුලිය නිපදවීමට ජලය නෑ

සමනලවැව, කාසල්රී ජලාශවල හෙටින් පසු විදුලිය නිපදවීමට ජලය නෑ

සමනලවැව හා කාසල්රි යන ජලාශවලින් විදුලි බලය නිපදවීම හෙටින් (01) පසුව නවතා දමන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එහි සාමාන්‍යාධිකාරි ඩී. සී. ආර්. අබේසේකර පැවසුවේ ඉන්පසුව විදුලිය නිපදවීමට එම ජලාශවල ජලය ප්‍රමාණවත්ව නොමැති බවයි. කාසල්රි ජලාශයේ ජල මට්ටම ඊයේ වනවිට 8.4%ක් ලෙස සටහන්ව තිබුණු අතර සමනලවැවේ ජල මට්ටම 11.8%ක මට්ටමට පහළ වැටි තිබිණ.

විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ මාවුස්සාකැලේ ජලධාරිතාව 27.8% ක් ලෙසත් කොත්මලේ ජල ධාරිතාව 20.6 %ක්, වික්ටෝරියා ජලාශයේ 30%ක් හා රන්දෙණිගල ජලාශයේ ජල ධාරිතා 58% ක් ලෙස පහළ වැටී ඇති බවයි.