― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකළහකාරී හැසිරීම පිටුපස අන්තවාදී කණ්ඩායමක් - ජනාධිපති මාධ්‍ය අංශය

කළහකාරී හැසිරීම පිටුපස අන්තවාදී කණ්ඩායමක් – ජනාධිපති මාධ්‍ය අංශය

නුගේගොඩ, ජුබිලි කණුව අසළ උද්ඝෝෂණයක නිරත පිරිස අතර සිටි සංවිධානාත්මක අන්තවාදීන් පිරිසක් කළහකාරී ලෙස හැසිරෙමින් ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කළ බව ජනධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ යකඩ මුගුරු, කැති, පොලු රැගත් මෙම කණ්ඩායම උද්ඝෝෂණයේ නිරත පිරිස උසිගන්වා මිරිහාන පැඟිරිවත්ත පිහිටි ජනාධිපතිවරයාගේ නිවස දෙසට ගමන් කර කළහකාරී තත්ත්වයක් ඇති කළ බවයි.

මෙලෙස ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පිරිසෙන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් බහුතරයක් සංවිධානාත්මක අන්තවාදීන් බව තහවුරු වී ඇති බව එම නිවේදනයේ සඳහන්ය.

මේ අතර අදාළ විරෝධයේදී ඔවුන් අරාබි වසන්තයක් මෙරට ඇති කරමු යන හඬ නගමින් උද්ඝෝෂණය මෙහෙයවා ඇති බවත් ඉතා සැලසුම්කාරී ලෙස නිර්නාමිකව සමාජ මාධ්‍ය භාවිතා කරමින් ජනතාව කෝපගන්වා රට අරාජික කිරීමේ අරමුණින් මෙම කළහකාරී තත්ත්වය සිදු කර ඇති බවත් එම මාධ්‍ය නිවේදනයේ දැක්වෙයි.